Tuesday, July 31, 2012

කතාවක් වගේ කතාවක්...!

              ඔන්න අද නම් මම ටිකක් වෙනස් පැත්තකට පැන්නා.හැමදාම මම අඬනවා කියලා ගොඩක් කට්ටිය අහිංසක මගේ සිතුවිලි වල‍ට චෝදනා කරනවානේ.හැබැයි ඉතින් මම නම් සැලෙයි ඔව්වට.(හේ..හේ..)ඒ වුනාට මම අද පොඩි කතාවක් කියන්නම් අහන්ඉන්නකෝ.නෑ නෑ වැරදුනා බලන්ඉන්නකෝ...මෙන්න මේකයි පොඩි සිද්දියක්.පොඩි කිව්වට පොඩිද මන්දා.හරි හරි බලන්නකෝ.බැරිවුනත් අමාරුවෙන් හරි බලන්නකෝ.(හේ..හේ..)

           ඔන්න එක දවසක් අපේ ඔෆිස් එකේ පොඩි සිද්දියක් වුනා.අපි ඉතින් කරන්නේ ග්‍රැප්ෆික් වැඩකිඩ තමයි.ඉතින් මම මේ කියන්න යන දවසේත් අපි සුපුරුදු පරිදි වැඩ කර කර තමයි හිටියේ.(වැඩ අස්සේ පිස්සු නටන එකත් අපේ එක රාජකාරියක් තමයි.මොකද ඉතින් ටිකක් දැඟලුවේ නැත්නම් අපිට උණ වගේනේ.:D ඒ වුනාට අපි ඉතින් හරි හොද ළමයි.) ඔන්න ඉතින් වෙනදා වගේම කස්ටමස්ලා එක්කෙනා දෙන්නා ඉතින් එනවා හෝ ගාලා එයාලගේ වැඩ ටික කර ගන්න.අපිටත් ඉතින් කාගෙවත් වෙනසක් පෙනුනේ එහෙම නැති නිසා සුපුරුදු පරිදි වැඩ කරගෙන ගියා.

             හැමදාම උදේට බැංකුවට සල්ලි දාන්න අපේ බොස් පුරුදු වෙලා ඉන්නවා.ඒකට ඉතින් වෙනම ළමයෙකුත් අරගෙන තමයි ඉන්නේ.හැබැයි මම ඔන්න ඔය කියන දවසේ ඒ ළමයට අසනීප වෙලාද වෙන මොනවා හරි වෙලාද මන්දා ඔෆිස් ආවේ නම් නැහැ.හපොයි දැන් ඉතින් ඉවරනේ....කවුද දැන් බැංකු යන්නේ....ඔන්න ඉතින් ප්‍රශ්නේ..? කොහොම හරි බැංකු යවන්න කියලා කෙනෙක් නම් ඔෆිස් එකේ හිටියේ නැහැ.ඒක නිසා එදා අපේ බොස් සල්ලි බැන්ක් එකට දාන වැඩේ පහුවදාට කල්දාලා එයත් සුපුරුදු පරිදි එයාගේ වැඩවලට එළියට ගියා.අවසානෙට ඉතින් වැඩ කරන අපි තමයි ඉතුරුවුනේ.

               හරි හරි නිදිකිරා වැටෙන්න එපා දැන් තමයි හොදම හරිය පටන් ගන්නේ.අහල පහල තියන වතුර ටිකක් අරගෙන මුණ ටිකක් තෙමා ගන්නකෝ ඔය නිදිමද ගතිය යන්න.:D හරි එහෙනම් ඇස් ගෙඩි දෙක එළියට දාගෙන දැන් බලන්නකෝ ඉතුරුටික.(හේ..හේ..) ඔන්න ඉතින් දැන් මං ගාව ඉන්නවා කස්ටර්ම කෙනෙක්.අම්මෝ...මේන් මෙන්න විතර ඇති.අලිපත කළුම කළු බඩ මහත මෑන් කෙනෙක්.දැක්කාම උණ ගැණුනා මට නම්....ඒ තරමට බයංකර, බියකරු ඔය මොන මොනාදෝ පෙනුමක් තිබුනේ.:D 

               
                    හලි හලි පොඩ්ඩනේ ට්‍රැක් පැන්නේ ඕකට ඉතින් අපේ නෑ සනුහරේ මතක් කරන්න ඕනේ නෑ....හරි බලන්නකෝ.....ඔන්න ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාලා මම ආර්ට් වර්ක් එක හදලා ඉවර කලා.මේ මනුස්සයත් අනිත් කස්ටර්මලා වගේම කිසිම වෙනසක් නැතිව අරෙහෙමයි මෙහෙමයි කියලා ආර්ට් වර්ක් එක ඕකේ කරලා ටිකක් ඉන්න කියලා පැත්තකට ගිහින් ෆෝන් එකෙන් මොන මොනවදෝ කා එක්කද කියවනවා.මෙයා ලෑස්ති වෙන්නේ ආයෙත් යන්නේ නැතිව මාව කන්න තමයි කියලා මට හිතුන නිසා බොහොම වීනිතව හිතින් මෙයාගේ ඥාතීන්ව මතක් කර කර මම හිටියා.ඇයි ඉතින් ආපු වැඩේ කරගෙන අහිංසක මට ටිකක් නිවිහැනහිල්ලේ බ්ලොග් එකක්වත් කියවන්න දුන්නා නම් මේ මනුස්සයට පවු සිද්ධවෙනවද මම අහන්නේ..?හරි හරි ඉතින් ඔයාලත් මට රවන්න එපා.:D 

                 ඔන්න ඉතින් ටික වෙලාවකින්.....................(අනේ පොඩ්ඩක් ඉන්න මම හුස්මගන්නකම්.හ්ම්...මතක්වෙද්දිත් මට ක්ලාන්තයි වගේ.) ආවා ඒ මනුස්සයටම දෙවෙනි නැති තවත් එක්කෙනෙක්.හපොයි දැක්කමත් බය හිතෙනවා.ඔන්න ඉතින් ඒ ආපු මනුස්සයයි අර හිටපු මනුස්සයයි පෙන්නුවේ නැතැ අපිට උල්ම උල් පිහිද  මොනාද මන්දා....හරි හරි බයවෙන්නේ නැතිව හුස්ම ගන්න.මොකද මට ඉස්පිරිතාලේ එන්න බෑ ඔයාලව බැහැ දකින්න.‍(හේ..හේ..) ඔන්න ඉතින් ඊට පස්සේ අපේ අත් පුටුවලට තියලා ගැට ගහලා, කටවල් බැදලා අර ගත්තේ නැතැ අර සල්ලි ටික.හම්මේ..........මම නම් හිටියේ දැන් මැරෙයි දැන් මැරෙයි වගේ.ඇයි අප්පා බයවෙන්නේ නැද්ද..?මම හිතන්නේ ඒ මිනිස්සු අපේ බොස්ටත් වැඩිය හොදට සල්ලි තියපු තැන දැනගෙන හිටියා.කොහොම හරි ඒ මිනිස්සු සල්ලිත් අරගෙන අපිට අලි සද්දෙකුත් දා ගෙන යන්න ගියා.මම නම් දැන් එකම ඇඩිල්ලයි කට බැන්දත්.මොකද මගේ කට බැන්දට අඩන එක නම් මම සුපර් එකටම කරනවා.:D අඩුම තරමින් සල්ලි ටික අරගෙන අපිව මනුස්සකමටවත් මම අහන්නේ ලෙහලා දාලා ගියා නම් නැද්ද..?ඔන්න ඉතින් කොහොම හරි මම දැන් ගිරියටියෙන්ද යටිගිරියෙන්ද කෑ ගගහ අඩනවා.මම ඉතින් අඩන්න දන්නෙත් නෑනේ වැඩිය.:D 

                    
                        ඔන්න එකපාරට වැදුනේ නැතැ ඩෝන් ගාලා පිට හරහා හොද පාරක්......අනේ ඉතින් හැම කතාවක වගේම අවසානේ බලා ගන්න කලින් පැන්නේ නැතැ දුෂ්ඨයෙක්.අපරාදේ මගේ ලස්සන හීනේ..............................

ඔන්න ඉතින් මේ කතාවේ (හීනයේ)අවසානය තමයි නින්දෙන් විලාප දීම නිසා මව්තුමියගෙන් පැණි බේරෙන්න  අත්පහරක් කෑම.......:D

                    ඔන්න ඔන්න දැන් මාව කන්න වගේ බලන් ඉන්නේ නැතිව මොනවා හරි කියන්න ඉතින් මේ ලස්සන හීනේ ගැන.(හේ..හේ..)හැබැයි ඔන්න ඉතින් මේ හීනේ දැක්කේ මම නම් නෙමෙයි.මොකද මට සාමාන්‍යයෙන් නින්ද ගියාම හීන පේන්නේ නැහැ.ඇහැරිලා ඉන්න වෙලාවට තමයි මම ඒකත් බලන්නේ.(හේ..හේ..) හලි හලි මේ ටිකත් බලලම යන්නකෝ.

                    ඔන්න මේ සුන්දර,ලස්සන හරි ඔය මොකක් හරි හීනේ දැක්කේ මගේ ආදරණිය අක්කි යාලු තමයි.එයා ඉතින් මටත් වඩා හොදට හැඬවැඩ දාලා මට හීනේ රඟ දැක්කුවා.ඉතින් ඒ නිසයි මටත් ඒක හැ‍වැඩ දාලා ලියන්න පුළුවන් වුනේ.හැබැයි මට දැන් මගේ අක්කියාගේ නම නම් කියන්න බෑ.දන්න අයත් නොදන්නා ගානට ඉන්නා මෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා.මොකද එහෙම නැත්තම් මට ගුටිකන්න වෙන්නේ ප්‍රසිද්ධියෙම තමයි.ඔය ඉදලා හිටලා ගුටියක් දුන්නට මගේ අක්කියා මට හරි ආදරෙයි.අක්කි ගෙදර ගිහිල්ලා හීනෙනුත් මාව දකිනවා කියන එකෙන්ම ඒක ඔයාලටත් හිතාගන්න පුළුවන්නේ දැන්....(ඔන්න දැන් මේක කියවන ගමන් පොඩ්ඩක්වත් එයා මට රවන්නේ නෑ)කොහොමවුනත් ආයේ මතක ඇති කාලේක මට ලස්සන හීනයක් නම් රසවිදින්න වෙන්නේ නැතිවෙයි.මොකද හීන පේන්නේ නැති අසරණ ම‍ට මගේ අක්කියා අයෙත් හීන කියයි කියලා ඔයලා හිතනවද..?කොහොමටවත්ම නෑ.... 

       ඔන්න කලේ ගෙවාගෙන හීනේ බලන්න ආපු ඔයාලට මගේ ප්‍රණාමය..!!‍(හේ..හේ..)



............෴ ..........





                   මේ කතාව ලියලා Draft එකෙත් තියන් ඉදලා ගොඩක් දවසකට පස්සේ හදිස්සියෙම අද publish කරන්නේ මගේ අක්කියාගේ ආසාව නිසාමයි.හිනාවෙවි මේක ලියද්දි නම් හිනෙකින්වත් හිතුවේ නෑ අද වගේ දවසක දාන්න වෙයි කියලා.මොනවා වුනත් හැමදාටම ඔයා මගේ අක්කියා.මේ ඔයාට ඔයාගේ හීනේ මගේ (සිහින සිත්තම්) අක්කියෝ....

 

18 comments:

  1. සිහින සිත්තමියි, සිතුවිලි දැහැනයි අක්කයි නංගියි ද ? අපි දන්නේ අදමයි නේ.
    ඒ උනාට සමානකමුත් තියෙනවා

    1. දෙන්නගේම ලින්ක් දෙක පටන් ගන්නේ www අකුරු වලින්
    2. දෙන්නම සතියේ සිතුවිල්ලක් දාගෙන ඉන්නවා.

    ඔය දෙක තමා මම් දැකපු සමානකම් දෙක.

    අර පින්තූරේ ඉන්න ගෑල්ලමයා වගේද ඇඬුවේ ? මට මැවිලා පේනවා සිතුවිලි අඬපු විදිහ.. හික්ස් :)
    සමහර වෙලාවට හීනෙන් අඬපුවාම හැබැහින් කඳුළු එනවා. :)

    ReplyDelete
    Replies
    1. w වලින් පටන් ගන්නේ නොදන්න කමට කල වැඩක ප්‍රථිපලයක් ලෙස හික්ස් (ගොන් නේ)
      සතියේ සිතුවිල්ල ඉස්සෙල්ලාම දැම්ම මම කෙල්ල නමුත් වෙනසක් ඕනි නෑනේ නංගටත් දුන්නා..

      ඒ ඇරෙන්න වෙන සමානකම් නෑ...

      Delete
    2. හෆ්ෆේ... ඒ කියන්නේ නමට කලින් ඔක්කොම w අකුරු 6 ක්!

      Delete
  2. පෙනේද මගේ ලස්සන හීනේ නිකන් එයාගෙ වගේ දාපු හැටි....හැමදාම මට වුනේ ඔයා අතින් නොන්ඩ් පාරවල් හික්ස් නමුත් ලියපු ලස්සන නිසාම මම ඒකට හරි ආසයි පැට්ටෝ...

    ඉස්සරහට ඔයාගෙ බ්ලොග් එකේ පෝස්ට් උණු අණුවෙ පබ්ලිෂ් වෙන්නත් කලින් මට බලන්න බැරි වෙයි...නමුත් කොහේ ඉදන් හෝ බලනවා .....

    ඉදිරියට වැරදි බලන්න අක්කෙක් නැති නිසා පෝස්ට් දාද්දි පරිස්සමින් පැට්ටෝ....

    ReplyDelete
  3. ශෝක් කතාව..

    මම නම් දැනන් හිටියා ඔය දෙන්න අක්කයි නංගියි කියලා.. පෝස්ට් දාන්නෙත් එකටම.. මගේ පැත්තේ ඇවිත් යන්නෙත් එකටමනේ.. තව් තව එවුවා දනී.. ඒත් එවුවා ඕන නෑ නේද? :)

    ReplyDelete
  4. ශෝක් කතාව.. නංගා වෙනස් විදියට ලියන්න ගත්තු එකත් හොදයි.. හෆ්ෆා.. සිතුවිලි දැහැනයි, සිහින සිත්තම් යි මටත් පැටලුනානෙ..:D

    ReplyDelete
  5. මේ................ඔයත් අඬන කොට අර උඩ ඉන්න ලමය වගේද..?
    අනේ මේ අක්කල නංගිල ......දකින හීන.......!!

    ReplyDelete
  6. මම හිතා හිටි්යෙත් සිතුවිලි දැහැන සහ සිහින සිත්තම් ලියන්නේ එක්කෙනෙක් කියලා මෙන්න අක්කයි නංගියි කරන හපන්කම්.

    ReplyDelete
  7. නංගිට නම් හීන පේන්නෙම නෑලු නේ. :P :P :P

    ReplyDelete
  8. හයියෝ මෙයත් දකින හීන ...

    ReplyDelete
  9. හෆ්ෆේ , අන්තිම වෙනකම් මේ හීනේ දැක්කේ කව්ද කියලා හිතාගන්න බැරි වුණානේ...අක්කිද එතකොට බය වෙලා වීදුරු කැඩෙන්න කැගහලා ඇඩුවේ..? නංගියා නම් තව කමකුත් නෑ...හී හී...

    සොරකම ගැන මගේ දැනුම පොතේ ලියැවුණු රහස් තොරතුරු වලින් බිදක්...
    1) අක්කිට රගපාන්න පුළුවන්නේද?
    "එයා ඉතින් මටත් වඩා හොදට හැඬවැඩ දාලා මට හීනේ රඟ දැක්කුවා"
    2) අක්කිට කරාටේ නම් නියමෙට පුළුවන්.
    "මොකද එහෙම නැත්තම් මට ගුටිකන්න වෙන්නේ ප්‍රසිද්ධියෙම තමයි"
    3) අකිගේ හීනේ මමත් ඉදලා තියෙනවා...
    "ඔන්න ඉතින් දැන් මං ගාව ඉන්නවා කස්ටර්ම කෙනෙක්.අම්මෝ...මේන් මෙන්න විතර ඇති.අලිපත කළුම කළු බඩ මහත මෑන් කෙනෙක්" හී හී..
    4) අක්කි , නංගාට ගොඩාක් ආදරෙයි...
    "ඔන්න දැන් මේක කියවන ගමන් පොඩ්ඩක්වත් එයා මට රවන්නේ නෑ"
    5) සල්ලි හොරකම් කරන්න ආපු අනිත් කෙනා තමයි ඔයාලගේ බොස්!
    "මම හිතන්නේ ඒ මිනිස්සු අපේ බොස්ටත් වැඩිය හොදට සල්ලි තියපු තැන දැනගෙන හිටියා"
    6) අක්කිලා o.t කරන්නෙත් වැඩ කරන පැයේදීමයි...
    "වැඩ අස්සේ පිස්සු නටන එකත් අපේ එක රාජකාරියක් තමයි.මොකද ඉතින් ටිකක් දැඟලුවේ නැත්නම් අපිට උණ වගේනේ"
    7)ඒ හොරුන්ගේ වොයිස් ඇම්ප් එකකට හයි කරලා එච්.ඩි ඔවුට් -පුට් එකක් තිබුනා..
    "කොහොම හරි ඒ මිනිස්සු සල්ලිත් අරගෙන අපිට අලි සද්දෙකුත් දා ගෙන යන්න ගියා"


    අක්කියා යන එකට නම් ගොඩාක් දුකයි...අපිව බලන්න ආපහු එන්නකෝ..එත් යන්න කලින් ටිකක් හිනාවෙලා යන්ඩෝ... :ඩි

    ReplyDelete
  10. මට නම් හීනයක්වත්දෝ කියල හිතුන මුලින්ම. සිතුවිලි අපූරුවට ලියල තිබ්බා හැබැයි මැවිල පේන්න!
    සිත්තමී යන එක ගැන නම් මටත් දුකයි :(

    ReplyDelete
  11. කොහොම වුවත් අපූරු හීනෙ...

    ReplyDelete
  12. මොකා....ක්‌ හරි ඩබල් ගේමක් තියෙනවා වගේ :D

    ReplyDelete
  13. හය්යු...අලී ....හීනයක්ද?නරකම නැහැ වැඩේ..

    ReplyDelete
  14. ඔහ්...මරු හීනයක්....

    ReplyDelete