මේ ගල් බැම්ම උඩටවෙලා
හැමදාමත් ආදරෙන් හිඳින්න
හිරුබසින සොඳුරු සැදෑවක
ඔය උණුහුමට තුරුල්වෙන්න
සත්තයි ආසයි - මහ හුඟක්
ඔයාගේ අතින් අල්ලගෙන
මේ පාර දිගේ ඇවිද යන්න
ඔයා ලඟින්ම හිදගෙන
ඔය ඇස් දිහා බලන් ඉන්න
සත්තයි පතනවා - මම හැමදාමත්
ඔයාගේ හීන වලට ඇවිත්
ඒවගේ දඟකම් කරන්න
ගෙවෙන හැම මොහොතකම
ඔයා ලඟින්ම දැවටෙන්න
සත්තයි ආසයි - මහමෙරක් තරම්
මේ මුළු ජීවිතයම
ඔය පා මුල ගෙවන්න
පතන හැම පැතුමකම
ඔය ආදරයම යදින්න
සත්තයි ආදරෙයි - ජීවිතේ තියනකම්
♥♥............♥♥
හිරු බැස්සත් අදුරු වෙලා ඔබ සැමදා මා ලගමයි
ReplyDeleteනොමැකෙන ඒ සෙනෙහස ගල් පවුරක ඉරක් වගෙයි
ඔය නෙතු දිහා බලන් මියෙන තුරා සැමදා ඉන්නයි
මගේ ආදරේ හැමදාමත් ඔබගේමයි මේ සත්තයි...
සත්තයි පැතුවේ-ඔබගේම වෙන්නයි
දෑතේ ඇගිලි පටලාගෙන ඇවිදින්නට අනන්තයට
පැතු පැතුම් එකතු කරන් මල් පිපෙනා වසන්තයට
ආදරය තවත් හිමිවෙයි දුටු ඒ සොදුරුම හීනෙට
ඔබයි මමයි එක් වුනේ නම් පෙර කල පිනකට...
සත්තයි ආසයි-ලස්සන ජීවිතයට
හරිම ලස්සනයි...ඔයාගේ කවි වලින් දැකපු වෙනස්ම කවියක්,..අපි ජීවිතේ දුක ගැනම හිත හිත ඉන්නවාට වඩා සතුට ගැනත් හිතනවානම් මොනතරම් අපේ ජීවිතත් ලස්සන වේවිද...
Deleteසිතූ....හරිම ලස්සනයි කවියනම්...පිළිතුරු කවිලීම ටිකක් භයානකයි හරිද?
Deleteහේ හේ..ඇයි අක්කියෝ ඔයා එහෙම කියන්නේ..? ම්ම්ම්...
Deleteඅහස් කුසින් සමුගන්නට වන නිසාවෙන්
Deleteහිරු බසිනා වෙලාවට නම් දුකයි
නමුදු නොමැකෙන සෙනෙහස නිසාවෙන්
හිදිමි මා සැමදා සතුටෙන් සත්තයි...
පතමි සැමදා දකිනට එකම සිහිනයක්
නමදු බයයි මේ කාලයට නම්
හමුවීම නම් අපේ පෙර කල පිනක්
නොහැගෙයි මට මේ බැදිම නම්...
ඔව් ඇත්ත සතුට ගැන හිතද්දි ජිවිතේ දැනෙනවා වැඩියි..හැබැයි සතුට දැනෙන තරමටම මේ ජිවිතයේ දුකත් දැනෙනවමයි....
Deleteගොඩක් ස්තුතියි මගේ අක්කියෝ...ඒත් ඇයි මේ පිළිතුරු කවිලීම ටිකක් භයානකයි කිව්වේ..?? ඒක මට තේරුනේ නැහැ..අපේ කවියකට පිළිතුරු කවක් ඕන කෙනෙක්ට ලියන්න අයිතියක් තියනවා නේද අක්කියෝ..??
Deleteහේ..හේ.. මමත් මේ ඒක තමයි අක්කිගෙන් ඇහැව්වේ සිතු අයියේ....
Deleteමේ තාක් කාලෙකට නංගියාගේ කවි වලින් දැකපු ලස්සනම සිතුවිල්ල. කවි පෙළ පුරාවටම ආදරේ උතුරනවා. කියන්න වචන නෑ ..
ReplyDeleteඔයාගේ අතින් අල්ලගෙන
මේ පාර දිගේ ඇවිද යන්න
ඔයා ලඟින්ම හිදගෙන
ඔය ඇස් දිහා බලන් ඉන්න
සත්තයි පතනවා - මම හැමදාමත්
ආදරෙයි - ජීවිතේ තියනකම්
ගොඩක් ස්තුතියි අයියේ ඔයාටත්....
Deleteඅත්තමයි නංගා ලියපු කවි අතරින් ලස්සනම කවිය....නියමයි...අළුත් අදහස් ඔයාට තියෙනවා...වේදනාවට විරහවට වැඩිය ආදරණීය කවියක් ඕනිම කෙනෙකුට හරියට දැනෙනවා...
ReplyDeleteඔයාගේ හීන වලට ඇවිත්
ඒවගේ දඟකම් කරන්න
ගෙවෙන හැම මොහොතකම
ඔයා ලඟින්ම දැවටෙන්න
සත්තයි ආසයි - මහමෙරක් තරම්
ඔයා දන්නවනෙ මේ කවියට මම ආස ඇයි කියලා...මේ විදියට මමත් හිතන නිසා...ගෙවෙන හැම මොහොතකම එයා ලඟින්ම දැවටෙන්න (බැරිමත් ඒකනේ)
"නියමයි...අළුත් අදහස් ඔයාට තියෙනවා...වේදනාවට විරහවට වැඩිය ආදරණීය කවියක් ඕනිම කෙනෙකුට හරියට දැනෙනවා..."
Deleteඑකනම් ඇත්ත...
ස්තුතියි අක්කියෝ..මටත් අද නම් හිතුනා වේදනාවට විරහවට වැඩිය ආදරණීය කවියක් ඕනිම කෙනෙකුට දැනෙනවා කියලා....
Deleteහපොයි චුට්ටක් ඉතින් ඉවසලා ඉන්නකෝ...(හේ..හේ..)
අහහ්..ඇත්තම ඇත්තද සිතු අයියේ..??
Deleteමේ.............මටත්..!
ReplyDeleteමොනවද මේ මටත් කිව්වේ අයියේ..??
Deleteමේවගේ ලස්සන හිතක් තේරුම් ගන්න පුළුවන් ලස්සන හිතක් ඔයාටත් හම්බෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා. හැබැයි නිර්මාණය හා නිර්මාණකරු කියන්නේ දෙකක් කියලත් මම දන්නවා. නමුත්......
ReplyDeleteඔයාගේ ප්‍රාර්ථනාවට නම් ගොඩක් ස්තුතියි අයියේ..මොකක්ද අයියේ මේ නමුත් කියලා කියන්න ගිහින් නවත්ත ගත්තේ..??
Deleteමැවිල පේන්න ලියල තියෙනව! ආදරේ කොච්චර නම් හීන මවනවද නේද!
ReplyDeleteස්තුතියි අයියේ....
Deleteහ්ම්..ඒකනේ ආදරේ තරම් හීන මවන දෙයක් නම් තවත් නැතිව ඇති....
ආදරේ බේරෙන කවි සිතුවීලක් !!
ReplyDeleteලස්සනයි සිතුවිලි මේ කවි සෙට් එකම !!
ස්තුතියි අයියේ ඔයාටත්....
Deleteඔය හැම පැතුමක්ම ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteගොඩක් ස්තුතියි ඔයාගේ ප්‍රාර්ථනාවට නම්....
Deleteසිතුවිලි දැහැන ලියන කවි සංකල්පනා හැම වෙලාවෙම ඉතාමත්ම ගිතවත් බවක් තියෙනවා. මට හිතෙන හැටියට ගීත ඇසුරේම සිටින රසවිදින්නියක් දෝ කයලාත් හිතෙනවා. නැත්නම් නිරන්තරයෙන් ආදර කවි සංකල්පනා වුනත් මේතරම් ගිතවත් බවක් තියෙන්න විදියක් නැහැ
ReplyDeleteඔව් ගී රසවින්දනයට නම් මම ගොඩක් කැමති..ඒත් කවි නම් හිතට එන සිතුවිල්ලක් මවාගෙන තමයි ලියන්නේ....
Deleteඔබතුමාගේ මේ අදහස් ගොඩක් වටිනවා..ගොඩක් ස්තුතියි....
ලස්සන කවි පෙලක් නංගෝ... ඇත්තමයි.. මේ දවස් වල මේවා හිතට දැනෙනවා වැඩියිනේ..
ReplyDeleteඈත පේන ගුරු පාරක
ඔබත් එක්ක ඇවිදන් යන්න
මල් පිපුන තැනිතලාවක
ඔබත් එක්ක තනි වෙන්න
ආසයි මම සත්තකින්ම..
එකම් එක හීනයක
නුඹේ නමින් පාට තියන්න
ඒ හීනයේ නුඹ එක්කම
ආදරෙන් සැනසෙන්න
ආසයි මම සත්තකින්ම..
ස්තුතියි අයියේ...අහහ්..ඔව් ඔව් දන්නවා අපි....
Deleteහම්මෝ ගොඩම ගොඩ කාලෙකින් ලස්සන කවියක් ලැබුනේ....
පාවෙන වළාවක වෙලි
ඈත අහසේ ඉගිලි යන්න
පාට පිරුණ දේදුන්නක
ලෝකේ පුරා ඇවිද යන්න
ආසයි මම මහ හුගක්
ඒ ලස්සන හිනයට යන්න...
හරිම ලස්සනයි නංගියෙ....
ReplyDeleteස්තුතියි අක්කියෝ....
Deleteලස්සනයි...:)
ReplyDeleteස්තුතියි ඔයාට....
Delete