Saturday, July 14, 2012

දැනෙනවද ඔයාට..??

                        
                 මේ පොද වැස්සේ තෙමි තෙමි ජිවිතේ සැහැල්ලු කර ගන්න මම ගොඩක් වෙලාවට උත්සහ කරනවා.එක මොහොතකට එක තප්පරේකට හැමදේකින්ම මිදිලා අලුත් වෙන්න මම දැන් ගොඩක් ආසයි.එත් දන්නවද..? අද මට කරන්න බැරිව ලතවෙන එකම දේත් ඒකම විතරයි.මේ බැඳීම් වලින් සිතුවිලි වලින් එහාට ගිහින් ජිවත් වෙන්න මට හුඟක් ආසයි.ඉස්සර වගේ සැහැල්ලුවෙන් ඉන්න ආසයි.ගෙවුන ඒ අතීතය හිතෙන් එළියට ඇදලා දලා අනාගතේ දිහා බලන්න ආසයි.ඔව්., ඇත්තමයි මේ හැම ‍දේකින්ම ඈත් වෙන්න ඕනේ.හැබැයි ඒ ඔයත් එක්ක තියන තරහකට නෙවෙයි.ඔයාට ආදරේ නැති නිසත් නෙමෙයි.මට මේ ජිවිතේ තවත් විඳවන්න බැරි නිසයි.දන්නවද..? අඬලා අඬලා දැන් මේ ඇස්වල කදුළුත් නැති තරම්.ඒ තරමටම මම අඬලා අඬලා හෙම්බත් වෙලා ඉන්නේ.මට තවත් මේ විදිහට ජිවත් වෙන්න නම් බැහැ.ඒත් මම මොකද කරන්නේ..?ඔයා තරමටම ඔයා මට දීපු මේ ආදරෙත් හුඟක් මුරණ්ඩුයි.කොච්චර කන්නලව් කලත් මේ හිතින් ඔයාගේ ආදරේ දශමයක් තරමටවත් අඩුවෙන්නේ නැහැ.මේ ආදරේ මතක මට ඔයාව අමතක කරන්න දෙන්නේ නැහැ.

                   හැම දුකක්ම මම ඉතිරි කරගෙන ඔයාට සතුට දුන්නා.ඒ ම‍ගේ ජිවිතේ ඔයා නිසා.ඒත් දැන් මේ පුංචි හිතට ඒ දුක බර වැඩි.ඔව්., මහ හුගක් බර වැඩියි.ඒත් මම ගොඩක් අසරණයි.ඔයා මාව තනි කලාට මේ දුක, මේ මතක මාව තනි කරලා දාන්නෙම නැහැ.හැම මොහොතකම මගේ පස්සෙන්ම වැටිගෙන මම යන හැම තැනකටම එනවා.ලෝකෙට පේන්න හිනාවෙන, කතාකරන මම මේ හිතින් අඬන තරම ඔයා දන්නේ නැහැ.සමහර පුංචි පුංචි දේවල් නිසා ඔයාව මතක් වෙද්දි මට මාවම එපා වෙනවා.ඒ වෙලාවට හැමදේකටම සමුදීලා මේ ජිවිතයෙන් යන්න හිතෙන වාර අනන්තයි.ඒත් ඒ තරම් හයියක් මේ පුංචි හිතට නැහැ.ඒ නිසා අමාරුවෙන්වුනත් හැමදෙයක්ම දරාගන්නවා.මොකද දරාගන්න හිතන්නවත් බැරි දෙයක් මම ඔයාගේ සතුට වෙනුවෙන් දරා ගත්තා.ඒ ඔයාව සදහටම වෙන පුදසුනකට පුජා කරලා.ඔව්., මගේ ආදර මල වෙන පුදසුනකට මම පුජා කරලා.ඒ තරම් දෙයක් දරා ගත්ත මට මේ දේවල් මොනවද..? මෙහෙම හිතලා තමයි මං මාව පාලනය කරගන්නේ.

                         ආයේ මේ ජිවිතේ කවමදාවත් ඔයා ලඟට වෙලා ඔය ආදරේ ලබන්න මට වාසනාවක් නැති බව මම හොදටම දන්නවා.වචනෙකින්වත් ඔය නම කියන්න තරම්වත් මට අයිතියක් නැති බවත් මම හොදහැටි දන්නවා.ඔයාව අසරණ නොකර ඔයාගෙන් ඈතට ගියේ කවමදාවත් නොලැබෙන ආදරේ ගැනත් දැන දැනමයි.මේ ඇත්ත මට නොතේරෙනවා නෙමෙයි.අනේ ඒත් ඔය කිසිම දෙයක් මගේ මේ මුරණ්ඩු හිත තාමත් පිළිගන්නේ නැහැ.මේ මුරණ්ඩු හිත නිසා මම අසරණ වෙලා ඉන්න තරම අනේ ඔයා දන්නවා නම්..........


හැම මොහොතකම හිතෙන්නේ නුඹේ මුණ බලන්න
එකම එක තප්පරේකටවත් නුඹත් එක්ක දොඩමළු වෙන්න
නුඹ ලඟට වෙලා හැමදාම ඔය හිතට එබිකම් කරන්න
කථා කරන ඔය ඇස් දිහා බලන් ඉන්න
තරහා ගිය ඔයාගේ ලඟින් ඉඳන් හිනස්සන්න
ලඟට වෙලා ඔය දඟකාර රූපෙට ලෝබකම් කරන්න
දකින දකින හැම සිහිනෙම නුඹව දකින්න
ඔයා ලගින් ඉඳන් මේ පොද වැස්සට තෙමෙන්න
ගැහෙන සීතලේ නුඹේ උණුහුමට තුරුල්වෙන්න
හිත පිරෙනකම් නුඹටම ආදරේ කරන්න
ගෙවුන ඒ ලස්සන මතකයේ ආයෙමත් ඇවිද යන්න
අනේ ලැබුණ නම් මට ඔයාගෙම වෙන්න
කියන්න,
                   කියන්න,
මගේ මේ අහිංසක සිතුවිලි දැනෙනවද ඔයාට..??
  
............෴ ..........


බස් රේඩියෝ බ්ලොග් සතිය

 

27 comments:

  1. විරහව අපූරුවට සිත්තම් කරලා! හිතක් මට්ටු කරන එක ලේසි නෑ තමයි, ආදයක් හිතෙන් පන්නනව කියන එක ඉතිං ඊටත් වඩා අමාරුයි. අන්තිමේදී දුකටම හිත හුරු වෙනව!
    නිර්මාණය ලස්සනයි සිතුවිලි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත...

      ස්තුතියි අයියේ....

      Delete
  2. හඳ තියෙන්නේ ඇත පායලා..එත්..ඒ හඳට අපි ආදරෙයි ... කවදාවත් ලං වෙන්නේ නැති බව දන්නවා උනත්..ඒ සන්දේ එලියට අපි ආදරෙයි..ඒ සන්දේ සිසිලසට අපි ආදරෙයි..ඇත ඉදන් උනත් ඒ හඳ දිහා බලන් ඉන්න ආසයි..හඳේ ලස්සන විඳින්න අපි ආසයි..නමුත්..අපි ආදරේ කරන හැමදෙයක්ම අපි ලඟට ගන්න බැහැ...අපිට‍ අයිතිත් නැහැ...එක තමයි යථාර්තය...

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඔව් යාලු ඒ යථාර්තයට අපි‍ට අමාරුවෙන්වුනත් මුහුණ දෙන්න වෙනවා..ඒක තමයි ඇත්තම ඇත්ත....

      Delete
  3. මගේ ඇස් වලට කඳුළුත් පිරුනා ඊට‍ පස්සේ හොටුත් එන්න ගත්තා මම යනවා අනේ ඒවා පිහිද ගන්න :(

    (සංවේදී අදහස් සහෝදරි කලින් විහිළුවක් කරේ ඈ ගණන් ගන්න එපා :ඩි)

    ReplyDelete
    Replies
    1. හේ..හේ.. පිහදාගන්න පිහදාගන්න හොදට....

      ස්තුතියි සහෝ..හලි හලි දන්නවා විහිළුවක් කියලා....

      Delete
  4. ගොඩක් වෙලාවට මම් දකින දෙයක් තමා ආදරේ ගැන තියෙන නිර්මාණ හා සමානවම වගේ විරහව ගැනත් නිර්මාණ තියෙනවා. මොකද ආදරයයි විරහවයි ඒ තරම් පරතරයක් නැතිව තියෙන දෙකක් හන්දා වෙන්ටෑ.
    කවි සිතුවිල්ල ලස්සනයි.
    මම නම් ඔය ආදරයයි විරහවයි කියන සිතුවිලි දෙකෙන් මිදිලා ජීවත් වෙන්නේ. එහෙම ඉන්නකොට මාර සැහැල්ලුයි අප්පා !!! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ...

      හ්ම්..එක අතකට ඒකෙන් මිදිලා ඉන්න එකත් හොදයි තමයි....

      Delete
  5. සිතුවිල්ලක් පමණක්ම කිව්වත් සිතුවිල්ලක් පමණක්මද???

    ගතවෙන හැම තත්පරේකම
    මට මතක් උනේ ඔයාව
    නුඹේ ලගටම වෙලා ආදරෙන්
    ඔය අහිංසක හිතට එබිකං කරන්න
    මම පෙරුම් පුරනවා හැමදාමත්,
    දකින හැම හිනයකම ඔයා මා ලගට ආවේ
    ලස්සනම ලස්සන පුංචි සුරංගනාවියක් වගේ
    මං හැමදාමත් ආදරේ කලේ
    ඔය රූපෙට නෙවෙයි හදවතට
    සත්තයි මට දැනෙනවා ඔය අහිංසක හිතේ
    හැම සිතුවිල්ලක්ම..........

    ඔන්‍න‍ අර කිව්ව කතාව නිසාම ඇවිත් කමෙන්ට් කළා. :P

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක පුරාම ඉතින් තියෙන්නේ මගේ සිතුවිලිම තමයි අයියේ....

      (හේ..හේ..) හලි හලි....

      Delete
  6. ඔය ඉතිං...අඬනවට වඩා දෙයක් නැතිද..?

    ReplyDelete
    Replies
    1. හපොයි මම ඉතින් ඇඩුවේ නෑනේ..ඒ මගේ සිතුවිලිනේ....(හේ..හේ)

      Delete
  7. මේ ලියල තියෙන අදහස මේ ගීයේ තියනවා නේද?. මට හිතෙන්නේ මේ ගීයට ලියූ කතාවක් වගේ කියලා.

    "සිතුවිලි සිරවී ඉකිබිඳ වැලපෙනවා
    රුව සැංගී මගෙ නෙතු අසරණ වෙනවා"

    - බණ්ඩාර අතාවුද-

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුනා මේක කියවන් යද්දී....

      Delete
    2. මම ඒ සිංදුව නම් ඇත්තටම අහලා නෑ..ඒත් දැන්නම් අහලම බලන්න ඔනේ....

      ස්තුතියි ඔබතුමාට....

      Delete
    3. එහෙනම් තොටියා අයියේ මම සිංදුව අහලම බලන්නම්කෝ....

      Delete
    4. මට හිතුනෙත් එහෙමමයි!! ඒ බව කලින් අය කියලා නේ..
      (සිතුවිල්ලක් විතරමයි කියලා හොඳට ම විශ්වාස ද?)
      ජය වේවා!!

      Delete
    5. හ්ම්...
      ඔව් ඔව් හොඳටම විශ්වාසයි..ස්තුතියි ඔයාටත්....

      Delete
  8. ෂෝයි...එත් ටිකක් දුකයි තමා... මම ආපු දවසෙම වැස්සේ තෙමුණු හැගීම්බර දවසක්...

    ReplyDelete
    Replies
    1. මං වගේම යාලුවෙක්නේ..ගොඩක් ආදරෙන් ඔයාව සිතුවිලි දැහැනට පිළිගන්නවා..!!

      ස්තුතියි යාලු..ඒකනේ..(හේ..හේ..)

      Delete
    2. හේ හේ ... ඇත්ත තමා.. ඔයා වගේම තමයි යාළු..:)

      Delete
    3. නමයි හිනාවයි විතරනේ.... :D

      Delete
  9. දැනුණ හුගාක්ම..ඇත්තමයි.

    ReplyDelete
  10. අදයි ආවේ ඉදිරියට බලමු !

    ReplyDelete
    Replies
    1. සිතුවිලි දැහැනට පිළිගන්නවා ඔයාවත්..!!

      හ්ම්..බලන්නකෝ....

      Delete
  11. ලස්සනයි හැමදාම ලස්සන ඒව ලිය්න්න බුදුසරණයි

    ReplyDelete